අපේ උරග සහ උභයජීවි විශේෂඥ මෙන්ඩිස් වික්රමසිංහ මල්ලි අද කෝල් එකක් දුන්නා. උගෙ කකුල තුවාල වෙලා ස්කින් ග්රාෆ්ට් එකක් කරන්න වෙලාලු. ඒ කියන්නෙ වැඩිය නොපෙනෙන, ඇඟේ වෙන තැනක හමෙන් කෑල්ලක් අරගෙන තුවාලය උඩ රෝපනය කරන එක.
ඒක ඇහුවහම මට පරණ කතාවක් මතක් වෙලා මෙන්ඩිස් මල්ලිට කිව්වා. ඌට බකබක ගලා හිනා ගියා. ඌ කතාව කලිං අහලා තිබිලා මාව සනසන්න බොරුවට හිනා උනාද දන්නෙත් නෑ. කොහොම උනත් මේකයි කතාව.
එක පොරක් උගෙ ගෑනිගෙ මූන පොඩ්ඩක් පිච්චිලා ඒකට බෙහෙත් දාන්න දොස්තර ලඟට එක්ක ගියා. දොස්තර කියාපි මේකට ස්කින් ග්රාෆ්ට් එකක් කරන්න ඕනෑ කියලා. දොස්තරයාම යෝජනා කළා වයිෆ්ගෙ පස්සපැත්තෙන් ඒකට හං කෑල්ලක් ගමු කියලා. ඒත් ඒ යෝජනාව පොරට වැඩිය හිතට ඇල්ලුවෙ නෑ. ඒකට ඉතිං හේතු ගණනාවක් තියෙන්න ඇති.
'දොස්තර මහත්තයා මෙයාගෙ මූනට මගෙ හං කෑල්ලක් දාන්න බැරිද ..?' පොර විකල්ප යෝජනාවක් ගෙනවා'
'එහෙමනං එහෙමවත් කරලා බලමු ..' දොස්තරයත් වැඩේට එකඟ උනා.
කොහොම හරි වැඩේ කෙරිලා මිනිහගෙ පස්ස පැත්තෙ හං කෑල්ලක් මූනෙ අලවගෙන ගෑනි ගෙදර ගියා.
ඒත් එදාම හවස පොරට ආයෙත් දොස්තර ගාවට යන්න සිද්ද උනාලු. බලනකොට උගෙ හක්ක පැනලා. දොස්තර වහාම අතපත ගාලා 'ටකස් ..' ගාලා හක්ක ආපහු තිබුනු තැනටම දාලා යථා තත්වයට පත් කලාලු.
ඊට පස්සෙ ඉතිං රෝග නිධානය දැනගන්න ඕන නිසා දොස්තර ඇහුවලු 'මොනව වෙලාද හක්ක පැන්නේ ..' කියලා.
'බලන්නකො දොස්තර මහත්තයා අපේ ගෑනිගෙ ලෙඩ බලන්න නැන්දම්මා ආවනෙ ..මට හිනා ගිහිං හක්ක පැන්නා .. ' පොර කිව්වා.
'ඒකට ඉතිං එච්චර හිනා යනවයැ ..?'
'හක්ක පනින්නෙ නැද්ද දොස්තර මහත්තයා නැන්දම්මා තකහනියක් ඇවිත් මගෙ පුka ඉඹිනවා දක්කහම ..?
එතකොටම 'ටකස් ..' ගාලා සද්දයක් ඇහුනලු.
බලනකොට දොස්තරයගෙ හක්ක පැනලා.